hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 21, පෙ.ව. 10:00



කුමාර සංගක්කාර ශ්‍රී ලංකාවේ සාර්ථකව පිතිකරුවා බවට පත් වීමේ ගෞරවය දෙවියන් වහන්සේට තමන්ට ලබා දෙන බව ශ‍්‍රී ලංකා හිටපු ක‍්‍රිකට් නායක කුමාර සංගක්කාරගේ බිරිද යෙහාලි සංගක්කාර පවසයි.

ශ්‍රී ලංකාව විසින් 2015 ජයගත් 20-20 ලෝක කුසලාන අවසන් තරගයේදීද කුමාර සංගක්කාර ලකුණු 50 ක් ලබා ගත් බවත් එහි ගෞරවයත් ලෙස දෙවියන් වහන්සේට බවත් ඇය කියා සිටියා.

ආගමික මෙහෙයකට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කර තිබෙනවා.

එහිදී ඇය මෙසේ අදහස් දක්වා සිටියා,

“මම උපතින් සාම්ප්‍රදායික ක්‍රිස්තියානි, දැන් මම අලුත් නිකායේ.. මට වයස 17දී කුමාර් හම්බ වුණා. අපි පස්සෙ බැන්දා. එයා ඉක්මණට උඩට ගියා. එයා හොඳම බැට්ස්මන් වුනා. මං දන්නවා ඒ සියල්ල වුනේ අපි ප්‍රේ කරපු නිසා.කුමාර් අවුරුදු 15 ක් ක්‍රිකට් ගැහුවා. ඒ කාලේ සියලු දේවල් ඔහුට ලැබුනා. මං දන්නවා මේ දේවල් අපි තනියම නෙමේ කළේ දෙවියන්ගේ උදව් නිසා..T20 වර්ල්ඩ් කප් එකේ එයා පර්ෆොර්ම් කළේ මම ප්‍රේ කරපු නිසා, අපිට හැමදේම දුන්නේ ජීසස්. මං දන්නවා මගේ අම්මගෙ බඩට මං ආවෙ ජීසස් නිසා… මං ප්‍රේ කරලා ලෙඩ වුනු දරුවො පවා සනීප කළා. එක දවසක් හොදටම වැස්සා, අපේ දරුවා බය වුනා, අපි ප්‍රේ කළා. එකපාර වැස්ස නැවතුනා. මගේ බල්ලට ලෙඩ වුනාම දුව ප්‍රේ කරපු නිසා බේරිල තියනවා.

අපේ ජීවිතයේ ක්‍රිකට් යාලුවන්ට ප්‍රශ්න ආවම දණ ගහලා ප්‍රේ කරලා ඔවුන්ගේ ප්‍රශ්න විසඳුවා. මම ඔබට කියනවා ඔබ අදම ජීසස් ඉන්නවා කියලා විශ්වාස කරලා ජීසස්ට කතා කරන්න, ජීසස් ඔබට කතා කරයි. මං කියල තියනවා දෙවියන් වහන්සේට මාව යූස් කරන්න තව කෙනෙකුගේ කරදරේ නවතන්න. දවසක් මං පාරෙ යද්දි හරි දුකින් යන ගෑනු කෙනෙක් හම්බ වුණා. මං වාහනේ නවත්තල කතා කරා. එයා කිව්වා මහත්තයා හිරේ ගියා කියලා. මං ගෙදර ගිහාම ජීසස් කියනවා මෙතැනින් ඉවර නැහැ කියලා. මට පහුවදාත් හම්බවුණා. මං එයාගෙන් ෆයිල් නම්බරේ ඉල්ල ගත්තා. මෙයා වැරදි කරල නෙමේ.. මිනියක් මරලා කියල හිරේ ගියාට කෙනෙක්ව ආරක්ෂා කරන්න ගිහින් වෙලා තියෙන්නෙ. මං ප්රේ කරපු නිසා එයා බේරුණා.දවස් දෙකින් නිදහස් වුනා. හැමදේම දණගහල අපට වෙනස් කරන්න පුළුවන්. අද දෙවියන් ඉන්නවා අපිට කතා කරන්න පුළුවන්..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: