hit counter

2024 මැයි මස 06 වන සඳුදා

2023 නොවැම්‍බර් 28, පෙ.ව. 12:02



ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සඳහා පැමිණෙන සිසුන් සංඛ්‍යාව කප්පාදු කිරීමට එහි පාලක ලේබර් පක්ෂ රජයේ අවධානය යොමුවී තිබෙනවා.

ඒ, එරට ජනගහනයේ වැඩිවීමත් සමඟයි.

මේ අනුව ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ,නිකුත් කරන ශිෂ්‍ය වීසා බලපත් සංඛ්‍යාව සඳහා උපරිම අගයක් පණවා සීමාවක් පැණවීමටත් – ජාත්‍යන්තර සිසුන්ගෙන් නව බද්දක් අය කිරීමටත් නියමිත බවයි.

එරට සංඛ්‍යාලේඛණවල දැක්වෙන පරිදි මෙම වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා ශිෂ්‍ය වීසා බලපත් හිමියන් සංඛ්‍යාව සියයට 31 කින් ඉහළ ගොස් තිබෙනවා.

දැනට මෙරට තුළ සිටින ශිෂ්‍ය වීසා බලපත් හිමියන් සංඛ්‍යාව 725,000 කට අධික වන අතර නිවාස හා කුළී ගාස්තු අර්බුදයට ප්‍රධානම හේතුව එය බවටත් චෝදනා එල්ල වී ඇත.

නමුත් රජයේ ඇස්තමේන්තු අනුව මෙම වසර තුළදී සමස්ත සංක්‍රමණ වැඩසටහන යටතේම ගෙන්වා ගැනීමට නියමිතව පැවතියේත් සංක්‍රමණිකයන් 520,000 ක පිරිසක් පමණක් බවයි වාර්තා වන්නේ.

මේ අතර පාර්ශව රැසක් පෙන්වා දී ඇත්තේ අසීමිත ලෙස ශිෂ්‍ය වීසා බලපත් නිකුත් කිරීම හරහා ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොළ අර්බුදය දිනෙන් දින උග්‍ර වන අතර නිසි පියවරක් නොගතහොත් තවත් වසර කිහිපයකින් දරුණු තත්වයක් බවට පත්විය හැකි බවයි.

ඒ, අනුව ශිෂ්‍ය වීසා ක්‍රමය දැඩි කිරීමට අදාළ සියලු යෝජනා ලබන මාසයේදී ප්‍රකාශයට පත් කිරීමටයි නියමිතව ඇත.     





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: