hit counter

2024 මැයි මස 10 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 09, ප.ව. 12:37



ලබන 12 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙයි.

ඒ බව විදේශ කටයුතු අමාත්‍ය, අලි සබ්‍රි මහතා සඳහන් කළා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමට ඉන් අනතුරුව හැකියාව ලැබෙන බව අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

එමෙන්ම, ජනපතිගේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් මෙරට විදේශ සබඳතා නිවැරදි දිශානතියකට ගෙන යාමට හැකිව ඇති බවත් ශ්‍රී ලංකාව සිය ඒකීයභාවය ආරක්ෂා කරගනිමින් සියලුම විදේශීය රටවල් සමඟ මිත්‍රශීලි සබඳතා ගොඩනඟා ගනිමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළා.

කෙසේ වෙතත්, එක් පාර්ශ්වයකට සීමා නොවී, සියලුම රටවලට මිත්‍රත්වයේ දෑත් දිගු කිරීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: