hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2024 ජූනි 14, ප.ව. 2:17



වෙළෙඳපොළේ බිත්තර මිල යළි ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, බිත්තරයක මිල රුපියල් 55 – 60 අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති අතර පැවැති ගංවතුර තත්ත්වය හේතුවෙන් මෙලෙස බිත්තර මිල ඉහළ ගොස් ඇති බවයි වෙළෙඳුන් පවසන්නේ.

අතිරික්ත බිත්තර නිෂ්පාදනයක් වෙළෙඳපොළට පැමිණීම හේතුවෙන් ඉදිරියේදී බිත්තර මිල තවත් පහළ යනු ඇති බවයි ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පසුගියදා ප්‍රකාශ කළේ.

එවන් පසුබිමක අද බිත්තර මිල යළි ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයින් මෙන්ම වෙළෙඳුන් ද පවසනවා.

මේ අතර, සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයද පවසන්නේ රතු බිත්තරයක මිල රුපියල් 50ක් සහ සුදු බිත්තරයක මිල රුපියල් 49ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: