hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 22, පෙ.ව. 8:51



දින පහක් ඇතුළත සියයට හතළිහක් පනහක් හතර මිලකට එකවරම එළවළු මිල අඩු වුණේ පැහැලියගොඩ මාළු  වෙළඳසැලේ මාළු මිල අඩු වුන නිසා පාරිභෝගිකයන් මාළු කන්න හුරුවීම හා එළවළු කෑම ප්‍රතික්ෂේප කිරීමත් එක්ක එළවළු නාස්තිවීම අවම කරන්න කටයුතු කිරීමක් වශයෙන් එළවළු මිල අඩු වූ බව නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසුවා.

අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා ඒ බැව් කියා සිටියේ නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්.

මෙහිදි අදහස් දැක් වු අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ,

“අද එළවළු ගැනුම් තොග මිල පවතින්නේ ගෝවා කිලෝව රුපියල් 450 – 470 , කැරට් කිලෝව රුපියල්  900 – 950 , ලීක්ස් කිලෝව රුපියල් 340 -360 , බීට්‍ රූට් කිලෝව රුපියල්  400 – 420 , කට් බීට් රූට් කිලෝව රුපියල් 500 – 520 , අර්තාපල් කිලෝව රුපියල්  300 – 320 වශයෙන් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන් ලෙස කටයුතු කරන ගොවීන්ගේ වගා බිම් වල කැරට් ආ මිල අධික එළවළු තිබීම හේතුවෙන් මිල ඉහළ නැංවූවා යන කතාව අපිට පිළිගන්න බැහැ. මිල තීරණය වුණේ ආර්ථික මධ්‍යස්ථානය තුළ ක්‍රියාත්මක වන ක්‍රමවේදයකට අනුවයි කිසිදු මාෆියාවක් ක්‍රියාත්මක වුණේ නැහැ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: