hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 ජනවාරි 17, පෙ.ව. 8:40



මෑත ඉතිහාසයේ පළමුවරට කැරට් කිලෝවක තොග මිල රුපියල් දෙදහසේ සීමාවට පැමිණ ඇති බව පෑලියගොඩ තොග ව්‍යාපාරිකයින් පවසයි.

පෑලියගොඩ තොග වෙළෙඳ මධ්‍යස්ථානයට කැරට් තොග රැගෙන ඒම ඉතා අවම මට්ටමක පැවති බවද ව්‍යාපාරිකයින් වැඩිදුරටත් පැවැසුවා.

පැවති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග අස්වැන්න ප්‍රමාණවත් පරිදි නොලැබීම කැරට් තොගවල මිල මෙලෙස ඉහළ යාමට ප්‍රධාන හේතුවක් බවට පත්ව තිබෙනවා.

මේ හේතුවෙන් නුවරඑළිය විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක් රුපියල් 1,700ක් වැනි මිලකටත් තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක් රුපියල් 1,500කටත් අනුරාධපුර ප්‍රදේශයේ කැරට් කිලෝවක් රුපියල් 2,000ක මිලකටත් අලෙවි වී ඇති බව සඳහන් වෙනවා.

මේ අතර මෙම මිල ගණන්වලට සාපේක්ෂව අනෙකුත් එළවළුවල මිල ගණන් ද ඉහළ ගොස් තිබෙනවා.

අමුමිරිස් කිලෝවක් රුපියල් 1100කටත්, බෝංචි කිලෝවක් රුපියල් 1200ක් වැනි මිලකටත් පෑලියගොඩ තොග වෙළෙඳ මධ්‍යස්ථානයේ අලෙවි වී ඇති බව සඳහන්.

මීට අමතරව ගෝවා කිලෝවක් රුපියල් 700කටත් ලීක්ස් කිලෝවක් රුපියල් 450කටත් තක්කාලි කිලෝවක් රුපියල් 400කටත් දෙහි කිලෝවක් රුපියල් 200කටත් ළූණු කොළ කිලෝවක් රුපියල් 350කටත් අලෙවි වී ඇති බව වාර්තා වෙයි.

බී ළූණු කිලෝවක් රුපියල් 400කටත් රතු ළූණු කිලෝවක් රුපියල් 350කටත් රට අල කිලෝවක් රුපියල් 170කටත් අලෙවි වී තිබෙනවා.

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි සහ අමු මිරිස් කිලෝවක තොග මිල රුපියල් දහසක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

කෙසේවෙතත් මේ හේතුවෙන් අද දිනයේ පෑලියගොඩ තොග වෙළෙඳ මධ්‍යස්ථානයෙන් එළවළු ලබාගැනීමට පැමිණෙන සිල්ලර ව්‍යාපාරිකයින්ගේ අඩුවක් දක්නට ලැබෙන බව වාර්තා වෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: