hit counter

2024 මැයි මස 21 වන අඟහරුවාදා

2023 ජූලි 09, පෙ.ව. 11:43



ඉදිරියේදී තවත් ආනයන සීමා නිදහස් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරනවා.

දැනටමත් ආනයන සීමා බොහෝමයක් නිදහස් කර ඇති බවයි නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දෙන්නේ.

විදෙස් මාධ්‍ය නාළිකාවක් සමඟ සාකච්ඡාවට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ, පාරිභෝගික විශ්වාසය නැවතත් ඇති වී තිබෙන බව සියලුම දත්ත වලින් පෙන්වමින් ඇති බවයි.

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරන්නේ වාහන ආනයන සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වසර තුල සලකා බැලීමට හෝ නොහැකි බවයි.

අනෙක් භාණ්ඩ ආනයන සීමා ඉවත් කලද වාහන ආනයනය සීමා තවදුරටත් පවත්වාගෙන යාමට සිදුවනු ඇති බවත් එන වසරේදී එය ලිහිල් කිරීම හෝ නොකිරීම මේ වසර අවසානයේ දී සලකා බැලීමට හැකි වනු ඇති බවත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් අවධාරණය කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: