hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 අගෝස්‍තු 28, පෙ.ව. 11:24



උසස් පෙළ ගුරු පුරප්පාඩු සඳහා විශ්‍රාමික ගුරුවරුන් බඳවා ගැනීමට අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කැබිනට් මණ්ඩල අනුමැතිය ඉල්ලා තිබෙනවා.

රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව ඇතුළු විෂයයන් කිහිපයක් සඳහා මෙම ගුරුවරුන් බඳවා ගැනෙන්නේ දෙවසරක කොන්ත්‍රාත් කාලයකටය.

මෙම ඉල්ලීමට අදාළ මහාභාණ්ඩාගාර නිරීක්ෂණ මෙම සතියේ ලැබීමට නියමිතයි.

මේ අතර උපාධිධාරීන් පන්දහස් හාරසියය දෙනෙක් ගුරු සේවයට බඳවා ගැනීමේ කටයුතුද සිදු කෙරෙමින් පවති.

එම උපාධිධාරීන්ගෙන් එක්දහස් හත්සියයක් බඳවා ගැනෙන්නේ ජාතික පාසල්වලටය. ඔවුන් බඳවා ගැනීමේ තරග විභාග ඉක්මනින්ම පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම වතුකරයේ පාසල්වල පවතින ගුරු පුරප්පාඩු වෙනුවෙන් ගුරු සහායකයෝ දෙදහස් පන්සිය තිස්පස් දෙනෙක් බඳවා ගැනීමටද ඇමැතිවරයා කැබිනට් අනුමැතිය ඉල්ලා ඇත.

මෙම පිරිස බඳවා ගැනෙන්නේ වසර තුනකින් පසු ස්ථිර කිරීමේ පදනම මතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: