hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 06, ප.ව. 4:41



ආපදා තත්ත්වයන්ට පූර්ව සූදානම් වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් අදාළ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වෙත ඍජු නියෝග ලබාදෙන ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දැනුම් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

ඒ අනුව දිස්ත්‍රික් 25ම ආවරණය කරමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල මූලිකව දිස්ත්‍රික් කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක හා ඊට තාක්ෂණික සහාය දක්වන භූ විද්‍යා හා පතල් කාර්යාංශය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා ගොඩනැගිලි පර්යේෂණ ආයතන ක්‍රියාකරනු ලබයි.

දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සහන සේවා නිලධාරීන් වෙත අවශ්‍ය උපදෙස් ලබාදෙමින් ක්‍රියාත්මක කිරීම ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සිදු කරනු ලබයි.

හදිසි ආපදා තත්ත්වයන්ගෙන් වැළකී ජන ජීවිතය පවත්වාගෙන යාම වෙනුවෙන් අවශ්‍ය පියවර මෙන්ම යම් හදිසි ආපදා ත්ත්වයක් ඇතිවුවහොත් ඒ සඳහා ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග ද, එම ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව ඉහළ මට්ටමක පවත්වා ගනිමින් අවශ්‍ය සහන වැඩපිළිවෙළ කඩිනමන් ක්‍රියාත්මක කිරිම සඳහා අවශ්‍ය සහාය ලබාදීම වෙනුවෙන් සියළු රේඛීය අමාත්‍යාංශ දැනුවත් කර ඇතැයිද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

එසේම ආපදා තත්ත්වයක් දැනුවත් කිරීම සම්බන්ධයෙන් 117 දුරකථන අංකය පැය 24ම සක්‍රීය කර ඇති අතර ආපදා සහන සේවා මධ්‍යස්ථානය (NDRSC) පැය 24ම සක්‍රියව පවත්වා ගැනීමට ද මේ වන විට කටයුතු යොදා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ආපදාවට ලක්වන පුද්ගලයන්ට  ආහාර පාන හා වෙනත් පහසුම් ලබාදීම මෙමඟින් සිදු කෙරෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: