hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2025 මාර්තු 13, පෙ.ව. 12:12



මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට පෙර ලබාදුන් අනුමැතීන්ට අනුව කටයුතු කිරීමට රජය කැමැත්තෙන් පසුවන්නේ නම් නැවතත් මෙගා වොට් 484 ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය ආරම්භ කිරීමට තම සමාගමට හැකි බව අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගම බලශක්ති අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.

එම සමාගම දන්වා ඇත්තේ, වසර දෙකක දීර්ඝ සාකච්ඡාකට පසුව ගාස්තු සඳහා ශ්‍රී ලංකා රජය අනුමැතිය ලබාදෙන තෙක් මෙගාවොට් 484 ක සුළං පුනර්ජනනීය උත්පාදන ව්‍යාපෘතිය සහ කිලෝ වෝල්ට් 220 ක සහ 400 ක සම්ප්‍රේෂණ ජාලකරණ පුළුල් කිරීමේ ව්‍යාපෘති දෙක ඇතුළු ඒ ආශ්‍රිත සම්ප්‍රේෂණ සබඳතා අතී නවීන තාක්ෂණය යොදා ගනිමින් අවසන් කිරීමට අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගම උත්සාහ කළ බවයි.

නව රජයේ තීරණය දැනුම්දෙන තෙක් ඉවසිලිවන්තව බලා සිටියත් කිසිම නිල සන්නිවේදනයක් රජයේ පාර්ශ්වයෙන් නොලැබීම හේතුවෙන් සිය සාමාගම මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත්වීමට තීරණය කළ බව අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගම බලශක්ති අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: