hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 1:35



බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් පෞද්ගලික බස් රථවල මගින් දැනුවත් කිරීමට දුරකථන අංක සහිත ස්ටිකර් හඳුන්වාදීම අද සිදුකෙරුණා.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරුණේ එම අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහි සඳහන් ආකාරයට අතරමග නතර කරගෙන සිටින්නේ නම්, ඉතා සෙමින් ධාවනය කරන්නේ නම්, අනතුරුදායක ලෙස ධාවනය කරන්නේ නම්, ගාස්තු වැඩිපුර අය කරන්නේ නම්, ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන්නේ නම් සහ රියදුරු හෝ කොන්දොස්තර වැරදි ක්‍රියාවක යෙදෙන්නේ නම් මෙම දුරකථන දුරකතන අංක අමතා එම අවස්ථාවේදීම පැමිණිලි ඉදිරිපත් කිරීමට මහජනතවට හැකියාවක් පවතිනු ඇති.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා කියා සිටියේ,

“මහජන පැමිණිලි එන්න එන්නම වැඩි වුණා.. ප්‍රවාහන සේවය ලබා දෙන බස් රථවලින් විවිධ පැමිණිලි මහජනතාව අප වෙත ලබාදුන්නා. එකෙන් අපේ තිබුණු නියාමන කටයුතු ශක්තිමත් කරලා සක්‍රීය කරලා අද දවසේදී ස්ටිකරයක් නිර්මාණය කරලා අදින් ආරම්භ කරන ඉදිරි සතිය තුළ ඔවුන්ව දැනුවත් කරලා, ඔක්තෝබර් මාසේ 01 වැනිදා වෙනකොට අපි මේ සියලු කටයුතු ශක්තිමත් කරනවා.. සමහරු බීමත්ව රියපදවනවා.. කොන්දොස්තර බීමත්ව රැකියාවේ යෙදෙනවා.. විවිධ විවිධ පැමිණිලි එනවා.. ඒ පැමිණිලිවලට අදාළව අපි කටයුතු කරලා අපි සියලු බස් රථ දැනුවත් කරලා අපි ඔක්කොම එකතු‌ වෙලා මේ කටයුතු ශක්තිමත් කරන්න කටයුතු කරනවා..”

මේ අතර යම් හෙයකින් රියදුරෙකු හෝ කොන්දොස්තරයෙකු වරදකරු වුවහොත් එම බස් රථවල හිමිකරුවන්ට ද නීතිය ක්‍රියාත්මක කරන බවයි මෙහිදි අනාවරණ කෙරුණේ.

ඒ අනුව බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ මහජන පැමිණිලි 0112 860860 අංකයට හෝ 0760 45 08 60 යන දුරකථන අංකයට ද ඇමතීමෙන් මහජන පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: