hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2025 මාර්තු 04, පෙ.ව. 12:15



පාසැල් දරුවන් සහ ලංගම වාර ප්‍රවේශපත්‍ර ඇති පුරවැසියන් මගහැර ධාවනය වන ලංගම බස්රථ රියදුරන් සම්බන්ධයෙන් 1958 අංකයට දැනුම් දෙන මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසා සිටියේ, ඕනෑම පුරවැසියෙකුට ඒ සම්බන්ධයෙන් අදාළ අංකයට දැනුම් දීමක් කළ හැකි බවයි. 

පසුගියදා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අදාළ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, මෙම කරුණ පිළිබඳව තමා දැනුවත් බවත්, මෙවැනි අකටයුතු සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන වන බවත්, මේ පිළිබඳව ලංගම රියදුරන් සහ කොන්දොස්තරවරුන් දැනුවත් කර ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: