hit counter

2026 ජනවාරි මස 10 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 05, පෙ.ව. 12:06



අද (05) දින සිට අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරි පණ්ඩුක ස්වර්ණහංස මහතා සදහන් කරයි.

උත්සව සමයේ ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව වෙනුවෙන් එම තීරණය ගත් බවත් විශේෂ බස් රථ 200කට ආසන්න සංඛ්‍යාවක් ධාවනයට එක් කිරීමට නියමිත බවද නියෝජ්‍ය සාමාන්‍යාධීකාරිවරයා සදහන් කරයි.

මේ අතර උත්සව සමය වෙනුවෙන් එළඹෙන (10) වැනිදා සිට (15) වැනිදා දක්වා දෛනිකව විශේෂ දුම්රිය සේවා 12ක් යෙදවීමට තීරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ ඉඳිපොලගේ සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: