hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 20, ප.ව. 10:31



ශ්‍රී ලාකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයෙන් රාණි ජයමහ මහත්මිය සහ සංජීව ජයවර්ධන මහතා ඉවතවීමට තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.

රාණි ජයමහ මහත්මිය සහ සංජීව ජයවර්ධන මහතා වසර ගණනාවක් මුදල් මණ්ඩලය නියෝජනය කළ සාමාජිකයෝ වෙයි.

ශ්‍රී ලංකා මහබැංකු නව පනත මේ වනවිට බලාත්මක හෙයින් මුදල් මණ්ඩලයට නව සාමාජිකයින් පත්කිරීමට මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ඉහළ පෙළේ ආරංචිි මාර්ග සඳහන් කරනවා.

මෙතෙක් මුදල් මණ්ඩලයේ සාමාජිකයින් සංඛ්‍යාව පහකට සීමා වී තිබූ අතර නව පනත බලාත්මක වීීමත් සමග එහි සාමාජිකයින් සංඛ්‍යාව නමය දක්වා වැඩි වී තිබේ. ඒ අනුව ඉදිරියේදී මුදල් මණ්ඩලයට නව සාමාජිකයින් පිරිසක් පත්වනු ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: