hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2025 මාර්තු 14, ප.ව. 4:05



හෙට දින වන සතුන් ගණන් කිරීමට පැවැත්වෙන සත්ව සංගණනය සඳහා පාර්ලිමේන්තුවට නිවාඩු ලබාදිය යුතු බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසනවා.

අද (14) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේ වතුවලටත් වන සතුන් එන බැවින් රිලව් ගණන් කිරීමට හෙට දිනයේදී නිවාඩු අවශ්‍ය බවයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ චාමර සම්පත් :

“ආණ්ඩුවේ විසිල් විතරයි. බල්ටි නෑ.පොල් ගෙඩිය ඉතිහාසයේ පළමු වතාවට වැඩිවුනේ ඔබතුමා අමාත්‍යංශය ගත්තාම. ඒක ඔබතුමාගේ වරදකුත් නෙමෙයි. හැබැයි හඳහන බලාගන්න. හරි නම් හෙට අපිට පාර්ලිමේන්තුව නිවාඩු දෙන්න.හෙට රිලා වදුරු සංගණනය තියෙනවා..අපි නැතුව අපේ ඉඩම්වල රිලව් ගණන් කරන්නේ කවුද? ඒක නිසා සත්තු ගණන් කරන්න අපිට හෙට පාර්ලිමේන්තුව නිවාඩු දෙන්න.ගෑණු රිලව් ,පිරිමි රිලව් වෙන වෙනම දාන මොකක්ද වැඩපිළිවෙළක් හදනවා කිව්වත් තාම ඒක වුනේ නෑ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: