hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 05, පෙ.ව. 11:02



පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ළමුන් අතර රෝග කිහිපයක් පැතිර යාමේ අවදානමක් මතුව ඇති බව  ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

ඔහු පවසන්නේ හතිය රෝගී තත්ත්වය මේ වන විට ළමුන් අතර බහුලව දක්නට ලැබෙන බවයි.

ඊට අමතරව වෛරස් උණ රෝග තත්ත්වයක් ද ළමුන් අතර පැතිර යමින් පවතින බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළා.

ඒ මහතා මෙසේ ද වැඩිදුරටත් අදහස් දක්වා සිටියා.

“පවතින වර්ෂාපතනය සමඟම සමහර ප්‍රදේශවලට සීතල තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. සමහර ප්‍රදේශවලට වැසි තත්ත්වය සමඟ ජලගැලීම් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ නිසා රෝග කිහිපයක ව්‍යාප්තියක් අපි දකිනවා. විශේෂයෙන්ම ළමා හතිය වැඩිවෙලා තියෙනවා. ඊට අමතරව සීතල තත්ත්වය සමඟ ස්වසන මාර්ගයට ඇති වෙන වෛරස්වල වැඩිවීමක් ඇති වෙලා තියෙනවා. ඊට සමගාමිව ළමා හතිය තවදුරටත් වැඩිවෙලා තියෙනවා. ඒ නිසා එවැනි දරුවෝ වැඩිපුර වාර්තා වෙනවා. ජලගැලීම් තියෙන ප්‍රදේශවල දරුවන්ට පිරිසිදු ජලය සහ ආහාර ලැබුණේ නැත්නම් පාචනය ඇතිවීමේ අවදානමක් තියෙනවා. ඊට අමතරව හතිය තියෙන දරුවන් ඒ ප්‍රතිකාර හරියට ලබාගන්න. ළමා හතිය වැඩිවෙන්න පුළුවන් ගෙවල්වල දුම්බොන තාත්තලා සීයලා ඉන්නවා නම්. ඊට අමතරව සමහර කෑමවලටත් ඇති වෙන්න පුළුවන්. ඉක්මනින් ප්‍රතිකාර ගන්න. එවිට රෝහල්ගත වීම අවම කරගන්න පුළුවන්.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: