hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 06, ප.ව. 5:16



මේ දිනවල ඇස් සම්බන්ධයෙන් රෝගයක් පැතිර යන බවත් එම රෝගයට වැඩි වශයෙන් පාසල් ළමුන් ගොදුරු වී ඇති බවද යාපනයේ සෞඛ්‍ය නිලධාරීන් සදහන් කරයි.

එම රෝගය යාපනයේ ප්‍රදේශ කිහිපයක් පුරා පැතිර ගොස් ඇති බවත් වලිකාමම් සහ වඩමරච්චි යන ප්‍රදේශ වලින් මෙම රෝගය වැළදුණු පාසල් ළමුන් 68 දෙනෙකු ප්‍රතිකාර ලබාගැනීමට රෝහල් වෙත පැමිණ තිබෙන බවද සදහන් කරයි.

යාපනයේ මේ දිනවල පවතින අධික සුළං තත්ත්වය නිසා සුළග සමග එම විෂ බීජය තවදුරටත් පැතිර යන බැවින් හැකි සෑම විටම පිරිසිදු ලේන්සුවක් භාවිතා කරන ලෙස පාසල් ළමුන්ට හා ජනතාවට දැනුම් දුන් බවද සෞඛ්‍ය නිලධාරීන් සදහන් කරයි.

මෙම රෝගයේ මුලික රෝග ලක්ෂණ ලෙස ඇස් වලින් කඳුළු ගැලීම, ඇස් රතු පැහැ ගැන්වීම වන අතර එම රෝගයට ගොදුරු වීමෙන් පසුව ඇස්වල දැඩි වේදනාවක් හටගන්නා බවද සෞඛ්‍ය නිලධාරීන් සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: