hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 08, පෙ.ව. 12:28



පවතින වැසි තත්ත්වය හමුවේ ජල ගැලම් ඇති ප්‍රදේශවල දරුවන් රෝගී වීමේ අවදානමක් මතු වී ඇතැයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවා.

විශේෂයෙන් දරුවන්ට පාචනය, ඩෙංගු, මී උණ වැනි රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමේ අවදානමක් ඇතැයි ද හෙතෙම සඳහන් කළා.

මෙහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේ ද කියා සිටියා,

“දැන් මේ පවතින වැසි තත්ත්වය නිසා සමහර ප්‍රදේශවල ගංවතුර තත්ත්වයන්ට මුහුණපාලා තියෙනවා. මේ ත්තත්වයන් තුළ දරුවන්ට පිරිසිදු ආහාර නොලැබෙන තත්ත්වයක් තියෙනවා. මේ තත්ත්වය තුළ දරුවන්ට පාචන තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් තියෙනවා. ඒ වගේම වැස්සත් සමග මැස්සන්ගේ වැඩි වීමක් තියෙනවා. ඒ නිසා එම ගංවතුර තත්ත්වයන් ඇති ප්‍රදේශවල ඉන්න ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ දරුවන්ට පිරිසිදු ආහාරම ලබා දෙන්න කියලයි. ඩෙංගු උණ වැළඳීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා මේ ගැන දෙමාපියන් අවධානය යොමු කළ යුතුයි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: