hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 16, පෙ.ව. 2:37



ශිෂ්‍යත්ව විභාගය අවසන් විමෙන් පසු දරුවන් තුල පශ්චාත් විභාග ආතතියක් ඇති කිරිමට කටයුතු නොකරන ලෙසත් දරුවන්ට සතුටින් විනෝදයෙන් සිටිමට අවස්ථාව සලසාදෙන ලෙස දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මානසික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය රූමි රුබන් මහතා පවසයි.

මේ පිළිබද අදහස් දක්වමින් රූමි රුබන් මහතා මෙසේද සඳහන් කළා.

“ශිෂ්‍යත්ව විභාගය අවසන්විමෙන් පසු දරුවන්තුල පශ්චාත් විභාග ආතතියක් ඇති කරන්න එපා. විභාගය ඉවරවු ගමන් ප්‍රශ්නපත්‍ර ලියවනවා. ලකුණු බලා අනිකුත් දරුවන් සමග සංසන්දනය කරනවා. මේක ලිව්වේ නැත්තේ මොකද කියලා දරුවන්ට තර්ජනය කරනවා බය කරවනවා. මේ වගේ දේවල් නවත්වන්න. විභාගය අවසන් වු පසු දරුවන්ට සතුටින් ඉන්න අවස්ථාව උදාකරලා දෙන්න. පසුගිය  කාලයේ දි සිදු නොකළ සෙල්ලම් කරන එක. රූපවාහිනී බලන එක දරුවන්ට කරන්න අවස්ථාව උදාකරලා දෙන්න. දෙමව්පියන් මානසිකව වැටෙන්න එපා. දරුවන්ද මානසිකව වට්ටන්න එපා.

ශිෂ්‍යත්ව විභාගය කියන්නේ ඉතා වැදගත් විභාගයක්. ජනප්‍රිය පාසල්වලට දරුවන්ට ඇතුලත්විමට අවස්ථාව තියෙන විභාගයක්. එහි සමාජිය වටිනාකම කාටවත් අවතක්සේරු කරන්න බැහැ. ශිෂ්‍යත්ව විභාගය බුද්ධි පරික්ෂණයක් කරන එක හොදයි. දැනුම සොයාබලන විභාගයක් බවට පත්කළ යුතුයි. ශිෂ්‍යත්ව විභාගයේ  විෂය නිර්දේශය වැඩි වෙන්න  වැඩි වෙන්න දරුවන්ට පාඩම් කිරිමට සිදුවෙනවා. මේ නිසා ප්‍රායෝගික පරික්ෂණවලින් දරුවා අයින් වන නිසා බුද්ධි පරික්ෂයක් බවට ශිෂ්‍යත්ව විභාගය පත්කළ යුතුයි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: