hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 12:18



ළමා නිවාසවල සිටිමින් වයස අවුරුදු 18 ඉක්මවූ ළමුන්ට නවාතැන් ගැනීම සඳහා මහා භාරකාර මණ්ඩලය හරහා ගොඩනැගිල්ලක් තාවකාලික පදනමක් මත හෝ ලබා ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් ළමුන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ අවධානය යොමු වී තිබෙනවා.

මෙම කැරුණු සාකච්ඡාවට භාජනය වී ඇත්තේ, එම සංසදය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න මහත්මියගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේ දීයි.

මව සහ පියා දෙදෙනාම අහිමි භාරකරුවන් නොමැති දරුවන් සඳහා වයස අවුරුදු 18න් පසු නැවතීමට ස්ථානයක් නොමැති වීම හේතුවෙන් මතුවන ගැටලු සඳහා ඊට හේතුව වී තිබෙනවා.

මහා භාරකාර මණ්ඩලය නියෝජනය කරමින් පැමිණ සිටි නිලධාරීහු පවසා ඇත්තේ, මහා භාරකාර මණ්ඩලය වෙත අන්තිම කැමති පත්‍රයක් ඔස්සේ පවරා තිබෙන ගොඩනැගිලි සහ දේපල ඉතා පැහැදිලි සහ නිශ්චිත වූ අරමුණක් පදනම් කොට ගෙන ලියා තිබෙන බැවින් අන්තිම කැමති පත්‍රයේ සඳහන් කරුණුවලින් ව්‍යුක්තව කටයුතු කිරීමට නොහැකි බවයි.

තම භාරයේ තිබෙන සියලු අන්තිම කැමති පත්‍ර වැඩිහිටි නිවාස, ළමා කටයුතු සහ ආගමික කටයුතුවලට අදාළ විශේෂිතව වූ අරමුණු ඇතුලත් කොට ගෙන ලියා තිබෙන බවත් උක්ත ඉල්ලීම සාක්ෂාත් කරගැනීම සඳහා එලෙස පවරන ලද දේපළ යොදා ගත හැකි ද යන්න පිළිබඳව සොයා බැලිය යුතු බවත් පැමිණ සිටි නිලධාරීන් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව ඒ පිළිබඳව සොයා බලා සංසදය වෙත දැනුම් දෙන ලෙසයි, සංසදයේ සභාපති රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: