hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 නොවැම්‍බර් 27, පෙ.ව. 12:05



ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (27) දිනයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට රාජ්‍ය හා පලාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබෙනවා.

හෙට දහවල් 12ට එම උද්ඝෝෂණය පැවැත්වෙන බව එහි කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවක දී පවසා ඇත.

රුපියල් 20,000ක වැටුප් වැඩි කිරීම, වැඩිකරන දීමනා හා වැටුප් ජනවාරි මාසයේ සිට ලබාදීම, 2016 සිට අහිමි කර ඇති පූර්ණ විශ්‍රාම වැටුප් හිමිකම යළි ලබාගැනීම යනාදී ඉල්ලීම් මුල් කරගනිමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇති බව සඳහන් වෙනවා.

සිය ඉල්ලීම් සඳහා රජයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීරණය වන බව චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: