2023 දෙසැම්‍බර් 01, පෙ.ව. 11:11
අද (01) දිනයේ දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක් තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක වැසි ඇති විය හැකි අතර ඒ, අනුව උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
නැගෙනහිර පළාතේත් පොළොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ද ඇති විය හැකි අතර දිවයිනේ සෙසු පළාත්වල පස්වරු 1.00 න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පේනවා දෙන්නේ.
මේ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක් තද වැසි ඇති විය හැක අතර දකුණු පළාතේ උදේ කාලයේදීද වැසි ඇති විය හැකියි.
එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
2026 මැයි 01, පෙ.ව. 12:19
2026 මැයි 01, පෙ.ව. 12:19
2026 මැයි 01, පෙ.ව. 12:13
2026 මැයි 01, පෙ.ව. 12:12
2026 මැයි 01, පෙ.ව. 12:11
01-05-26
01-05-26
29-04-26
29-04-26
22-04-26
22-04-26
19-04-26
19-04-26
18-04-26
18-04-26
17-04-26
17-04-26
15-04-26
15-04-26
12-04-26
12-04-26
12-04-26
12-04-26
12-04-26
12-04-26
11-04-26
11-04-26
08-04-26
08-04-26