hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ඔක්‍තෝබර් 17, ප.ව. 3:01



අද (17) රාත්‍රියේ ප්‍රබල අකුණු ඇති විය බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

නිවේදනයක් නිකුත් කරමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, උතුරු, උතුරුමැද, වයඹ, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් නුවර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි.

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකියි.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම්දෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: