hit counter

2025 ජනවාරි මස 22 වන බදාදා

2024 දෙසැම්‍බර් 05, පෙ.ව. 12:06



රටේ මේ වන විට රතු කැකුළු සහල් නොමැති බව අරලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඊට හේතුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහල් කිලෝ 20 බැගින් අස්වැසුම යටතේ රට පුරා බෙදා දීම බවයි.

හම්බන්තොට ඇතුළු දකුණු පළාතේ නිෂ්පාදනය කරන එම සහල් අඩු ආදායම්ලාභීන්ට පමණක් නොව තට්ටු දෙක තුනේ ගෙවල් යානා වාහන ඇති අස්වැසුමලාභීන්ට ද දුන් බවට ඩඩ්ලි සිරිසේන චෝදනා කරයි.

එම පිරිස රතු සහල් නොකන බවත් ඒවා අවසානයේ ඔවුන්ගේ ගෙවල්වල සිටින බල්ලන්ට දුන් බවත් ඔහු අනාවරණය කරයි.

හිරු සලකුණ වැඩසටහනට එකතු වෙමින් ඩඩ්ලි සිරිසේන මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: