hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 18, ප.ව. 12:55



ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයින්ට එරෙහිව රාජ්‍ය නීතිගත සංස්ථාව විසින් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව ජාතික පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා ඉන්දියාවෙන් බිත්තර මිලියන 100ක් මෙරටට ආනයනය කර බෙදා හැර ඇති බවයි එම සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කර ඇත්තේ.

ඒ අනුව එදා සිට මේ දක්වා එම බිත්තර සම්බන්ධයෙන් කිසිදු පාරිභෝගික පැමිණිල්ලක් ඉදිරිපත් වී නොමැති බවද සභාපතිවරයා අවධාරණය කර තිබෙනවා.

ඒ හේතුවෙන් තවත් බිත්තර මිලියන 91ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ද ලැබී ඇති බව ද එහි සඳහන්.

සභාපති ආසිරි වලිසුන්දර මහතා මෙහිදි අවධාරණය කර ඇත්තේ, ඉන්දියාවේ පිළිගත් රසායනාගාර තුනක දී සිදුකරන ලද පරීක්ෂණවල වාර්තා මෙරටට ලැබීමෙන් අනතුරුව අදාළ බිත්තර තොග ආනයනය කළ බවයි.

එසේම මෙතෙක් කල් මෙරට දීද සිදුකරන ලද පරීක්ෂණවලින් පසුව බිත්තර බෙදාහැරීම සිදුකළ බවත් ඉදිරියේදීත් එය එසේ සිදුකරන බවයි සභාපතිවරයා සඳහන් කර ඇත්තේ.

එම නිසා ආනයනික බිත්තර සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර නොගන්නා ලෙස ජනතාවට වගකීමෙන් ප්‍රකාශ කරන බවයි ජාතික පුවත්පත වෙත අදහස් දක්වමින් රාජ්‍ය නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කර ඇත්තේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: