hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 8:48



කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් සෝමපුර ආදර්ශ විද්‍යාලය තුන්වැනි වතාවටත් පෙරේදා (10) වන අලි ප්‍රහාරයකට ලක්වී තිබෙනවා.

මෙම විද්‍යාලය පිහිටා තිබෙන්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සේරුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අති දුෂ්කර ගම්මානයකයි.

සේරුනුවර පොලීසිය පවසන්නේ විදුහලේ ප්‍රාථමික පන්ති පවත්වාගෙන යනු ලබන ගොඩනැගිල්ලකට මෙසේ පහර දී දැඩි අලාභ හානි සිදු කර ඇති බවයි.

ගම්වැසියන් පවසන්නේ මෙම පාසලේ ප්‍රාථමික අංශයේ දරුවන් 300ක් පමණ අධ්‍යාපනය ලබන බවත් මෙම වන අලි ප්‍රහාර හේතුවෙන් දරුවන්ගේ නිර්මාණ සහ පාසලේ උපකරණ බොහෝමයකට දැඩි හානි සිදුවී ඇති බවයි.

සෝමපුර විද්‍යාලයේ විදුහල්පතිවරයා පවසා ඇත්තේ මෙම හානි වන ලද ගොඩනැගිල්ලේ පන්ති පවත්වාගෙන යාම අනතුරුදායක බවත් මේ පිළිබඳව කන්තලේ කලාප අධ්‍යාපන කාර්යාලය සහ සේරුනුවර වනජීවී දෙපාර්තමේන්තු කාර්යාලය දැනුවත් කරන ලද බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: