hit counter

2025 දෙසැම්‍බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 07, ප.ව. 1:44



 2022(2023) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නොවැම්බර් මාසයේ මැද භාගය වනවිට දී නිකුත් කරන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (06) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ‘ස්ථාවර රටකට සැවෝම එක මඟකට’ මැයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

2022(2023) සා.පෙළ. විභාගය පැවැත්වුයේ 2023 මැයි 22 දින සිට ජුනි මස 01 වැනි දින දක්වාය.

අපේක්ෂකයන් 517,496ක් විභාගයට මුහුණ දුන් අතර ඉන් පාසල් අයදුම්කරුවන් 407,129 වනවා.

පෞද්ගලික අයදුම්කරුවන් ගණන 110,367කි.

එසේම විශේෂ අවශ්‍යතා සහිත සිසුන් 590ක් ද මෙවර සා.පෙළ විභාගයට මුහුණ දී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: