hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 28, පෙ.ව. 6:04



බෙදා හැරීමේ අඩුපාඩු, ගොඩබෑමේ ප්‍රමාදයන් සහ ඉන්ධන පිරවුම්හල් මගින් ඇණවුම් සඳහා ගෙවීම් ප්‍රමාද වීම ඉන්ධන හල් අසළ දිගු පෝලිම් නිර්මාණය වීමට හේතුව බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවා.

ඉදිරි දින 2 තුළ එම පෝලිම් අඩු කිරීමට කටයුතු කරන බවත් ඉන්ධන බෙදා හැරීම් සමාලෝචනය කර ඉදිරි දින 3 තුළ දිවයින පුරා සියලුම නිෂ්පාදනවල අතිරේක තොග බෙදා හැරීමට උපදෙස් දුන් බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර ඉන්ධන නොමැති වීම හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනය 25% ක් දක්වා අඩු වී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවා.

මේ හේතුවෙන් දුර ගමන් සේවා දරුණු ලෙස කඩාවැටීමකට ලක් වී තිබෙන බව ඔහු සඳහන් කරනවා.

එමෙන්ම කෙටි ගමන් සේවා බස් රථ ධාවනය ද සියයට 25 ක් දක්වා අඩුවී ඇති බව ඔහු පවසා සිටියා.

අද (28) දිනයේ දී පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා නොදුන්නොත් සඳුදා දිනයේ දී පූර්ණ වශයෙන් බස් රථ ධාවනය නොවෙනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කලා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: