hit counter

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 03, පෙ.ව. 12:07



ශ්‍රී ලංකාව තුළ ඉන්ධන අළෙවි කරන සියලුම ආයතනවල ඉන්ධන මිල එකම අගයකට පත්නොකළ හොත් දැඩි ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

මේ බව දන්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කර ඇති බවයි එම සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ.

ඛනිජ තෙල් බෙදාහැරීමේ ආයතන නියාමනය කිරීමට නියාමන ආයතනයක් පිහිටුව ලෙස ද ඔවුන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

එය ඉතා කඩිනමින් සිදු කරන ලෙසට අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව ද ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා කියා සිටියා.

ඉදිරි ඉන්ධන මිල සංශෝධනයක දී සියලුම ආයතන එකම මිලක් යටතේ හෝ තරගකාරිත්වය අනුව සුළු වෙනසක් යටතේ ඉන්ධන අළෙවි කිරීමට පරිසරය සකස් කළ යුතුයි.

එසේ සිදු නොකරන්නේ නම් සංගමයක් ලෙස පියවර ගන්නා බවයි අදාල ලිපියෙහි දක්වා ඇත්තේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: