hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 09, ප.ව. 7:06



ඉදිරියේ දී ඉන්ධන මිල ඉහළ යනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ, ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින ගැටුම් හේතුවෙන්.

මෙම ගැටුම් ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයට අහිතකර බලපෑම් එල්ල කරනු ඇති බවයි, ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ දී ප්‍රකාශ කර ඇතතේ.

මෙම අර්බුදය මගින් ගෝලීය ඉන්ධන මිල මත සිදුවිය හැකි දැඩි බලපෑම පිළිබඳ අවධානය යොමු කරමින් අප්‍රිකානු සංගමයේ යෝජනාවට අනුව මෙම එදිරිවාදිකම් වහා නතර කරන ලෙස ද ජනාධිපතිවරයා ඉල්ලා සිටි බව සඳහන්.

මේ අතර ඊශ්‍රායලයේ සේවය කරන ශ‍්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඔවුන් පිළිබඳ සොයා බලා ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙසත් විදේශ කටයුතු අමාත්‍යාංශයට උපදෙස් දී තිබෙනවා.

ඊශ්‍රායලයේ සිදු වූ මෑත කාලීන ප්‍රහාර සහ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සහ ඊශ්‍රායල ජනතාවට එමගින් ඇතිවී තිබෙන බලපෑම් පිළිබඳ තම දැඩි අවධානය යොමුව තිබෙන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: