2024 ජනවාරි 15, පෙ.ව. 12:04
වැඩි මිලට ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් ආනයනය කිරීම මගින් රුපියල් බිලියන 1,139ක අමතර වැය බරක් දැරීමට රජයට සිදුව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් සමාගම විසින් 2022, 2023 වර්ෂ සඳහා සිදුකළ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ වාර්තාවක් නිකුත් කරමින් ජාතික විගණන කාර්යාලය මේ බව පෙන්වා දී ඇත.
අඩුම ලංසුකරු සඳහා ගෑස් ටෙන්ඩරය ලබාදීමට කැබිනට් අනුමැතිය ද ලබාදී තිබියදී වැඩි මිලට ගෑස් මිලදී ගැනීම සඳහා නව ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
ඒ අනුව ආර්ථික අර්බුදයක් ද හමුවේ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් මිලදී ගැනීම සඳහා වැඩිපුර ගෙවීමට සිදුව ඇති බව වාර්තා වෙයි.
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලැබුණු ඩොලර් බිලියනයෙන් ද ලිට්‍රෝ ගෑස් සමාගමට එකඟ වූ ඩොලර් මිලියන 120ක ප්‍රදානය ප්‍රයෝජනයට ගැනීමට කටයුතු කර නොතිබූ බව ද විගණන වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
2025 අගෝස්‍තු 27, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 27, පෙ.ව. 12:04
2025 අගෝස්‍තු 27, පෙ.ව. 12:04
2025 අගෝස්‍තු 27, පෙ.ව. 12:00
2025 අගෝස්‍තු 26, ප.ව. 6:38
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25