hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 අගෝස්‍තු 14, ප.ව. 4:35



විනාඩි 30ක පමණ කාලයක් කළුතර කටුකුරුන්ද රෝමානු කතෝලික විදුහලේ බිත්ති දෙකකට සිරවී සිටී හත් දැරියක බේරාගැනීමට කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය සමත්ව ඇති බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

මේසේ බේරාගෙන ඇත්තේ කළුතර කටුකුරුන්ද රෝමානු කතෝලික විදුහලේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවියක වන කළුතර කටුකුරුන්ද කලමුල්ල ප්‍රදේශයේ පදිංචි හත් හැව්රිදි දැරියක බව සදහන් වෙනවා.

දැරියක පාසලේ බිත්ති දෙකක සිරවී සිටින බවට කළුතර ආපදා කළමාණාකරණ සහකාර අධ්‍යක්ෂක  කර්නල් අරවින්ද අමරසේකර මහතා සහ කළුතර දකුණ පොලිසියේ දැනුම් දීමෙන් ගිනි නිවන භඨයින් හයදෙනෙකු ආපදා ගිලන් රථයකින් ස්ථානයට ළගාවී තිබෙනවා.

විදුහලේ වැසිකිලි පද්ධතිය සහ තාප්පය අතර දැරිය සිරවි සිට ඇති බවත්,  කළුතර මහ නගර සභාවේ ගිනිනිවන ඒකකයේ ආපදා ගිලන් රථයක් ළගාවී ස්පැඩර් නමැති සූක්ෂම උපකරණයක් ආධාරයෙන් හයිඩ්‍රොලික් වායුව මගින් බිත්ති දෙකට තෙරපුමක් ලබදී දැරිය බේරාගත් බව එහි ප්‍රධාන ගිනි නිළධාරී ඕ.වී.අයි. පී. ලක්ෂාන් මහතා පැවසුවා.

කළුතර ආපදා කළමනාකරණ ඒකකයේ යුධහමුදාව සෙබළුන් පිරිසක්ද සහායට ස්ථානයට ළගාවී ඇති බවද පොලිසිය පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: