hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 10, පෙ.ව. 10:10



රජයේ සංවර්ධන වැඩපිළිවෙළට සහාය නොදක්වන රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි තීන්දු ගතයුතු බවත්, වසර 2048 වන විට සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ ජනාධිපතිවරයාගේ සංකල්පය යථාර්ථයක් බවට පත් කිරීමට නම් සියලුදෙනා ඒකාබද්ධ ප්‍රවේශයකින් කටයුතු කළ යුතු බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පැවසුවා.

ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා මේ බව සඳහන් කර සිටියේ “ස්ථාවර රටකට – සැවොම එක මඟකට” මැයෙන් අද (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා,

“ඇතැම් නිලධාරීන් සිය වගකීම නිසි ලෙස ඉටු කළත්, ඇතැම් නිලධාරීන් අමාත්‍යාංශයේ වැඩපිළිවෙළ පිළිබඳ අවබෝධයකින් තොරව කටයුතු කරනවා. එය ඉතා කනගාටුදායක තත්ත්වයක්. 2048 දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉලක්කගත වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් සියලුදෙනාම ඒකාබද්ධ ප්‍රවේශයකින් කටයුතු කළ යුතුයි. රට ගොඩනැඟීම සඳහා වන ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම වෙනුවෙන් අප අමාත්‍යාංශය කැපවී කටයුතු කරනවා. කැබිනට් අමාත්‍යවරයා ලෙස ඩග්ලස්  දේවානන්දා මහතාත්, රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මමත්, රටට සහ ධීවර ප්‍රජාවට ආදරය කරන නිලධාරීන් කණ්ඩායමත් ඉතා කැපවීමෙන් එම කටයුතු ඉදිරියට කරගෙන යනවා. 

වත්මන් ආර්ථික අභියෝග ජය ගැනීම වෙනුවෙන් අමාත්‍යාංශයේ උපරිම දායකත්වය ලබාදෙන අතර ඉදිරියේ දී පැමිණෙන අභියෝගවලට ද මුහුණදිය හැකි අන්දමින් අමාත්‍යාංශය සූදානම් කර තිබෙනවා. එසේම බොහෝ නිලධාරීන් වගකීමෙන් කටුයුතු කරද්දී ඇතැම් නිලධාරීන් කකුලෙන් අදිනවා. රට ඉදිරියට ගෙන යාමේ රජයේ වැඩපිළිවෙළට සහාය නොදක්වන මෙම නිලධාරීන් පිළිබඳව තීන්දු ගත යුතුයි. එම තීන්දු නොගැනීමෙන් ධීවර ක්ෂේත්‍රය කඩාවැටීමකට ලක් විය හැකියි. එසේ කඩාවැටීමකට ලක් වුවහොත් මෙම ක්ෂේත්‍රය නඟාසිටුවීමට තවත් දීර්ඝ කාලයක් ගතවේවි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: