hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 4:16



දිනපතා වර්ධනයවන සයිබර් ප්‍රහාර හා තර්ජනයන්ට මුහුණ දීමට රාජ්‍ය අංශය සඳහා කැපවූ සහ පුහුණු වූ සයිබර් ආරක්ෂණ ශ්‍රම බලකායක් පිහිටුවීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) පියවර ගෙන තිබෙනවා.

රාජ්‍ය ආයතන සදහා වූ තොරතුරු හා සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්තියට 2022 වසරේ අගෝස්තු මාසයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණූ අතර එය මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට තාක්ෂණ අමාත්‍යංශය පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා සර්ට් මෙරට සයිබර් ආරක්ෂණ සිද්ධි සදහා ප්‍රතිචාර දක්වන ආයතනයවන අතර සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් වූ ප්‍රතිපත්ති නිර්මාණය හා සම්බන්ධ සේවාවන් සපයන රාජ්‍ය ආයතනය ද වෙනවා.

COVID-19 වසංගතයෙන් පසු ලොව පුරා ඩිජිටල් පරිවර්තනයන් වේගවත් වී ඇති අතර ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයද ඊට සමගාමිව කටයුතු ආරම්භ කර ඇත.

රාජ්‍ය ආයතනයන්හි තීරනාත්මක දත්ත සහ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා ඩිජිටල්වේදිකා මත විශ්වාසය තබමින්,කටයුතු කිරීමත් සමග සයිබර් තර්ජනවලට ගොදුරු වීමේ ප්‍රවනතාවද වැඩිවී තිබෙනවා.

මෙම ඉහළ අවදානමට ලක්විය හැකි, රාජ්‍ය අංශය තුළ වඩාත් සංවේදී සහ තීරණාත්මක ඩිජිටල් යටිතල පහසුකම් පවත්වා ගෙන යන රාජ්‍ය ආයතන, ශ්‍රී ලංකා සර්ට් ( Sri Lanka CERT ) විසින් හදුනා ගෙන ඇති අතර ඒවායේ සයිබර් ආරක්ෂණය වැඩි දියුණු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතිනවා.

ඒ අනුව හදුනා ගත් රාජ්‍ය ආයතනයන්හි නිලධාරින් සයිබර් ආරක්ෂාව සම්බන්දයෙන් සවිබල ගැන්වීම සදහා සයිබර් ආරක්ෂණ නිපුනතා ප්‍රවර්ධන රාමුවක් සකස් කිරීම මේ දිනවල සිදුකෙරේ.

රජය අංශයේ තීරණාත්මක ඩිජිටල් යටිතල පහසුකම් පවත්වා ගෙන යන ආයතන සයිබර් ප්‍රහාරවළින් ආරක්ෂා කර ගැනීම සඳහා පූර්ව ආරක්ෂක වැඩපිළිවලක හදිසි අවශ්‍යතාවය හඳුනා ගනිමින්, ශ්‍රී ලංකා සර්ට් ආයතනය විසින් කුසලතා වයන්ගෙන් පරිපුර්ණ පුහුණු ශ්‍රම බලකායක් ඇති කිරීමට මෙම ක්‍රියාකාරී වැඩසටහන දියත් කොට ඇත. ඒ සදහා අන්තර් ජාතිකව පිළිගත් ආයතනයක් වන එක්සත් ජනපදයේ MITRE හි උපදේශන හා තාක්ෂණික සහාය ලැබෙනවා.

පසුගිය සතිය පුරා රාජ්‍ය, පෞද්ගලික සහ අධ්‍යාපනික අංශවල ප්‍රවීණයන්ගේ සහභාගිත්වයෙන් පැවති වැඩමුළු තුළින් රාජ්‍ය අංශයට මුහුණ දීමට සිදුවන සයිබර් ආරක්ෂණ අභියෝග හඳුනා ගැනීමට සහ ඒවා සදහා ඵලදායී විසඳුම් සෙවීම සිදුකරමින් සිටියි.

ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාව පුරා රාජ්‍ය ආයතනවල සයිබර් ආරක්ෂාව පිලිබඳ පුහුණු වැඩසටහන් හඳුන්වා දීමට නියමිතයි.

මෙම වැඩසටහන් මගින් ඉදිරි කාලය තුළ ශක්තිමත් සයිබර් ආරක්ෂණ භාවිතයන් සඳහා අඩිතාලම දමනු ඇත. ශ්‍රී ලංකා සර්ට් ආයතනය, තාක්ෂණ අමාත්‍යාංශය සමඟ එක්ව රාජ්‍ය අංශය සඳහා සයිබර් ආරක්ෂණ මාර්ගෝපදේශ මාලාවක් දැනටමත් හඳුන්වා දී තිබීම විශේෂත්වයක්.

ඩිජිටල් යටිතල පහසුකම් ආරක්ෂා කිරීම සහ සංවේදී තොරතුරුවල ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය සහතික කිරීම සඳහා රජයේ කැපවීම මෙම මුලපිරීම් අවධාරනය කරයි.

ගෝලීය වශයෙන් ඩිජිටල් පරිවර්තන ක්‍රියා වලිය අඛණ්ඩව විකා ශනය වන විට, පුහුණු සයිබර් ආරක්ෂණ ශ්‍රම බලකායක් පිහිටුවීම ශ්‍රී ලංකාවේ ඩිජිටල් ධාරිතාව වර්ධනය සඳහා වූ වැදගත් පියවරක් ලෙස සැලකෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: