hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 9:40



ගාල්ල ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසන්නේ ලබන දෙසැම්බර්වලදී රාජ්‍ය සේවකයන්ට වැටුප් සහන රැසක් ලබා දීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බවට සියයට දාහක් සහතික විය හැකි බවයි.

ඒ මහතා තවදුරටත් සඳහන් කළේ අස්වැසුම හා සමානව රාජ්‍ය සේවකයන්ට ද එම සහන හිමි වන බව සිය විශ්වාසය බවයි.

ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ග්‍රාම නිලධාරීන් පිරිසක් විසින් තමන්ට ලැබෙන නිල ඇඳුම් දීමනාව සහ ඉන්ධන දීමනාව ප්‍රමාණවත් නොවීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

IMF නිලධාරීන් මෙරට රැඳී සිටීම නිසා සහන ලබා දීමට ඔවුන්ගෙන් ඇතිවන බාධකය 21වැනිදා ඔවුන් මෙරටින් පිටව ගිය පසු අවසන් වන බවත් ඉන් පසුව රාජ්‍ය සේවකයන්ට සහන ලබා දිය හැකි බවට සියයට දාහක් විශ්වාස බවත් මන්ත්‍රීවරයා පවසා තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: