hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 04, පෙ.ව. 12:02



ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට මෙන්ම අක්‍රමිකතා අවම කර ගැනීමට සමස්ත රාජ්‍ය සේවයම ඩිජිටල්කරණයට ලක් කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සදහන් කරනවා.

මේ පිළිබඳව අවධානය යොමු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2023 අයවැය ප්‍රකාශය හරහා රටේ සියලුම රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට ලක් කළ යුතු බව සඳහන් කළ බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරනවා.

රාජ්‍ය සේවය ඩිජිටල්කරණයට ලක් කරමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, ප්‍රාදේශීය සභා, නගර සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන නවයක් තෝරා ගෙන නියමු ව්‍යාපෘති නවයක් ක්‍රියාත්මක වන බවද සදහන් කර සිටියා.

ඩිජිටල්කරණය තුළින් රටේ රාජ්‍ය සේවය කාර්යක්ෂමව කිරීම හා ශක්තිමත් කිරීම එළඹෙන 2024 වසර වන විට සිදුකර ගැනීමට කටයුතු කරන බවත් “ඩිජිකොන් 2023-2030” වැඩසටහන ජනාධිපතිවරයාගේ උපදෙස් මත ආරම්භ කර තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: