hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 06, ප.ව. 5:18



රාජ්‍ය අංශය සඳහා නිසි ඇගයීම් ක්‍රියාවලියක් එළඹෙන 2024 වසරේදී හඳුන්වා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ජාතික ඇගයීම් සතියේ සමාරම්භක උත්සවයට එක්වෙමින් සදහන් කරයි.

නිසි ඇගයීම් ක්‍රියාවලියක් පවත්වාගෙන යාමෙන් රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දුර්වලතාවන් මගහරවා ගැනීමට හැකි බවත් නිසි ඇගයීම් ක්‍රියාවලියකින් තොරව ව්‍යාපෘති ආරම්භ කිරීම රජය අවසන් කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

රට තුළ තිරසර සංවර්ධන ක්‍රියාවලිය සඳහා සාර්ථක ඇගයීම් ක්‍රියාවලියක් අත්‍යාවශ්‍ය බවත් ජනතාවගේ බදු මුදල් වගවීමෙන් සහ විනිවිදභාවයකින් යුතුව සංවර්ධන ක්‍රියාවලිය සඳහා ඇගයීම් ක්‍රියාවලිය හේතු වන බවද සදහන් කරයි.

රටේ ක්‍රියාත්මක ඇගයීම් ක්‍රියාවලිය දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර සංවිධානවල සහය තවදුරටත් ශ්‍රී ලංකාව වෙත ලබාගැනීම සඳහා ද වැදගත් වන බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

ආධාර සපයන්නන්ට සේම ජාත්‍යන්තර සංවිධාන වලට සිය දායකවත්ව ශ්‍රී ලංකාව වෙත දැක්වීමට පෙර සම්පත් උපරිම ලෙස භාවිත කිරීමට රටේ ඇති සූදානම ගැන මනා සාක්ෂියක් ලබාගත හැකි බවද සදහන් කරයි.

ඇගයීම් ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීමේ සංස්කෘතියක් රට තුළ නිර්මාණය කිරීමට අවශ්‍ය බවත් එමගින් ප්‍රතිපත්ති සම්පාදකයන්ට ඇගයීම් සංකල්පය ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති අතරට රැගෙන යාමට හැකියාව ලැබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: