2023 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:04
වාණිජ සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල සියලු රාජ්‍ය සේවකයන් සඳහා ප්‍රසාද දීමනා ගෙවීමට අදාළ චක්‍රලේඛයක් මහා භාණ්ඩාගාරය විසින් නිකුත්කර තිබෙනවා.
මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධනගේ අත්සනින් නිකුත්කළ අදාළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ ප්‍රසාද දීමනා ගෙවීමට මහා භාණ්ඩාගාරය මුදල් ලබා නොදෙන බවයි.
ප්‍රසාද දීමනා ලබාදිය හැක්කේ ගෙවීම් සළකා බලන වර්ෂයට පෙර වසරට අදාළව මහා භාණ්ඩාගාරයට ගෙවියයුතු ලාභාංශ, අය බදු ආදිය ගෙවීමෙන් පසුවය.
ඒ අනුව රුපියල් 20,000 – 25,000ත් අතර ප්‍රසාද දීමනා ගෙවිය හැකි බව දන්වා තිබෙනවා.
අදාළ චක්‍රලේඛයට අනුව ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවිය හැකි වුවත් ලංකා විදුලි බල මණ්ඩල සේවකයන්ට ප්‍රසාද දීමනා හෝ අනෙකුත් දීමනා මේ වසරේත් නොගෙවීමට විෂයභාර ඇමැතිවරයා තීරණය කර තිබිණි.
මීට අදාළ උපදෙස් විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා වෙත ලිඛිතව නිකුත්කර තිබෙනවා.
එසේම වසර තුනකට වරක් දෙන 25%ක වැටුප් වර්ධකද ක්‍රියාත්මක නොකරන ලෙසට ඇමැතිවරයා උපදෙස් දී තිබෙනවා.
මීට අමතරව ලංකා විදුලි බල මණ්ඩලය නිලධාරීන්ට ගෙවා ඇති විවිධ දිරි දීමනා සහ දීමනා පිළිබඳ තොරතුරු හා නිලධාරීන් කුලියට ගෙන ඇති වාහන හා කුලී ලෙස ගෙවන මුදල් ප්‍රමාණය පිළිබඳ වාර්තාවක් දෙන ලෙස ද ඇමැතිවරයා සිය ලිපිය මගින් දැනුම් දී තිබිණි.


2025 නොවැම්‍බර් 16, පෙ.ව. 12:15
2025 නොවැම්‍බර් 16, පෙ.ව. 12:09
2025 නොවැම්‍බර් 16, පෙ.ව. 12:08
2025 නොවැම්‍බර් 16, පෙ.ව. 12:07
2025 නොවැම්‍බර් 16, පෙ.ව. 12:06
15-11-25
15-11-25
15-11-25
15-11-25
15-11-25
15-11-25
15-11-25
15-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
13-11-25
13-11-25
13-11-25
13-11-25
13-11-25
13-11-25