hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 01, ප.ව. 1:20



සහකාර රේගු අධිකාරීවරුන් 138ක් සහ රේගු පරීක්ෂකවරුන් 45ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

රුවන්වැල්ල, ගලපිටමඩ ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළා.

“රාජ්‍ය සේවයට බඳවා ගැනීම ඉතාම සීමිතව කරන්න සිදුවෙලා තියෙන්නේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක. රේගු ඇබෑර්තු රැසක් තියෙනවා. එයින් අත්‍යවශ්‍යම කොටස බඳවා ගන්න දැන් කටයුතු කරනවා. මුලින් සාකච්ඡා වුණේ රජයේ සේවයේ ඉන්න අයගෙන් පමණක් ගන්න. නමුත් අවසානයේ තීරණය කළා මේ රටේ උගත් දක්ෂ තරුණ තරුණියන්ට ඒ සඳහා අවස්ථාවක් ලබාදෙන්න. සහකාර රේගු අධිකාරීවරු 138කුත්, ඒ වගේම රේගු පරීක්ෂකවරු 45කුත් බඳවගන්න ලංකාවේ තියෙන ඉහළම තරග විභාගය තියෙනවා. දැන් අයඳුම්පත් කැඳවලා තියෙනවා. දෙසැම්බර් මාසයේ විභාගය.”  

මෙම බඳවා ගැනීම් සඳහා වූ ගැසට් නිවේදනය සැප්තැම්බර් මස 22 වනදා උදෑසන 9ට ආරම්භ වී ඇති අතර, එය ඔක්තෝබර් මස 16 වනදා මධ්‍යම රාත්‍රී 12ට අවසන්වීමට නියමිතයි.

අදාළ අයදුම්පත ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙඩි අඩවියේ පළ කර ඇත.

මෙම බඳවා ගැනීම සිදුකරනු ලබන්නේ වයස අවුරුදු 21ත් 35 අතර තරුණයින් බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.    

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ  “පසුගිය වසර වෙනකොට ලෝකේ අඩුම ආදායම තිබුණ රට. දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව සියයට 8.3යි ලෝකයේ අඩුම ආදායම් ලබපු රට. හැබැයි දැන් අපි ඒකෙන් උඩට ඇවිල්ලා තියෙනවා. අපි ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ අපේ රාජ්‍ය ආදායම  50 %කින් වැඩිකරගෙන තියෙනවා. එයද ප්‍රමාණවත් නැහැ. අපේ ඉලක්කවලට යන්න ශක්තිමත් රටක් වෙන්න තවත් ඉස්සරහට යන්න ඕනේ. ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග රැසක් තියෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලද පෙන්වා දුන් පරිදි පරිපාලනය ශක්තිමත් වෙන්න ඕනේ. ඒ අවගේම අපේ තියෙන බදු නිදහස තරමක් අඩු කරන්න ඕනේ.  බදු පැහැර හැරීම සක්‍රීයව වළක්වන්න ඕනේ. බදු පැහැර හැරීම වැනි කටයුතු සක්‍රීයව වැළැක්වීම ආදී කටයුතුවලදී මෙම නව තරුණ දක්ෂ නිලධාරීන්ගේ දායකත්වය ඉතා වැදගත්.” යනුවෙනුයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: