hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 05, පෙ.ව. 6:18



2024 වසරේ සිට රාජ්‍ය අංශය සඳහා නිසි ඇගයීම් ක්‍රියාවලියක් හඳුන්වා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ජාතික ඇගයීම් සතියේ සමාරම්භක උත්සවයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දුර්වලතාවන් මගහරවා ගැනීමේ ප්‍රධාන සාධකය නිසි ඇගයීම් ක්‍රියාවලියක් පවත්වාගෙන යාම බවයි අමත්‍යවරයා එහිදී සඳහන් කළේ.

නිසි ඇගයීම් ක්‍රියාවලියකින් තොරව ව්‍යාපෘති ආරම්භ කිරීම රජය අවසන් කරන අතර රටේ තිරසර සංවර්ධන ක්‍රියාවලිය සඳහා සාර්ථක ඇගයීම් ක්‍රියාවලියක් අත්‍යාවශ්‍ය බව එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ජනතාවගේ බදු මුදල් වගවීමෙන් සහ විනිවිදභාවයකින් යුතුව සංවර්ධන ක්‍රියාවලිය සඳහා යොදා ගැනීම සඳහා ද ඇගයීම් ක්‍රියාවලිය හේතු වනවා.

ඇගයීම් ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීමේ සංස්කෘතියක් රට තුළ නිර්මාණය කිරීමට අවශ්‍ය අතර එමගින් ප්‍රතිපත්ති සම්පාදකයන්ට ඇගයීම් සංකල්පය මෙරට සංවර්ධන ව්‍යාපෘති අතරට රැගෙන යාමට හැකියාව ලැබෙනවා.

රට තුළ ක්‍රියාත්මක වන ඇගයීම් ක්‍රියාවලිය දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර සංවිධානවල සහය තවදුරටත් ශ්‍රී ලංකාව වෙත ලබා ගැනීම සඳහා ද වැදගත් වන බවත් ආධාර සපයන්නන්ට සේම ජාත්‍යන්තර සංවිධානවලට සිය දායකවත්ව ශ්‍රී ලංකාව වෙත දැක්වීමට පෙර සම්පත් උපරිම ලෙස භාවිත කිරීමට රට තුළ ඇති සූදානම පිළිබඳ මනා සාක්ෂියක් ලබා ගත හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: