hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2024 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 12:04



හොඳම පාසල යනුවෙන් පාසල් නොමැති බවත් සියලු පාසල් හොඳම පාසල් විය යුතු බවත් මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල නායක හිමියන් පවසනවා.

නා හිමියන් මේ බව පෙන්වා දුන්නේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය මල්වතු මහා විහාරය වෙත පැමිණි අවස්ථාවේදීයි.

එමෙන්ම පාසල් වලට දරුවන් ඇතුලත් කිරීමේ නිසි ක්‍රමවේදයක් අවශ්‍ය බවද උන් වහන්සේ මෙහිදී පෙන්වා දුන්නා.

රාජ්‍ය නිලධාරීන් පීඩනයකින් සිටි බවත් වත්මන් රජය යටතේ රාජ්‍ය සේවකයින් ස්වාධිනව සහ පිඩනයකින් තොරව කටයුතු කරන බවත් ආග්‍රාමාත්‍යවරිය මෙහිදී මහා නාහිමියන් දැනුවත් කරමින් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: