hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 20, පෙ.ව. 8:51



ජනජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෆාශ්නර් මහතාගේ ඝාතනයට අදාළව පළමු වරට ඊයේ (19) ඔහුගේ බිරිඳ ටානි ෆාශ්නර් මහත්මියගෙන් පැය දෙකහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියෙකු පැවසුවා.

සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා ඊයේ (19) කැමරා අටක් පරික්ෂා කළ අතර මේ දක්වා කැමරා 50 ක දර්ශන පරීක්ෂණයට භාජනය කර ඇතැයි එම නිලධාරියා සඳහන් කළා.

සුසාන භූමිය තුළට සභාපති වරයා මෝටර් රථයේ තනිව පදවා ගෙන පැමිණ ඇති බව එමගින් තහවුරු වූ බව එම නිලධාරියා පැවසුවා.

ඊට අමතරව ඝාතනයට ලක් වූ සභාපතිවරයා පාවිච්චි කරන ලද ජංගම දුරකථනය සහ ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් මහතා පාවිච්චි කළ ජංගම දුරකතනය වෝහාරික පරීක්ෂණයක් සඳහා යොමුකර ඇතැයි ද සභාපතිවරයාගේ ජංගම දුරකථනයේ දත්ත විශාල සංඛ්‍යාවක් පවතින බැවින් එම පරීක්ෂණ වල යම් ප්‍රමාදයක් සිදු විය හැකි යැයි පොලිස් නිලධාරියා සඳහන් කළා.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට වනවිට පුද්ගලයන් 30කට ආසන්න ප්‍රමාණයකින් ප්‍රකාශ ලබා ගෙන ඇතැයි ද  පොලිසිය සඳහන් කර සිටියා.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් දැනට සැකයට භාජනය වී තිබෙන බ්‍රයන් තෝමස් ට අමතරව  සමීප පුද්ගලයන් කීප දෙනකු සම්බන්ධයෙන් ද අවධානය යොමු වී ඇතැයි උසස් පොලිස් නිලධාරියා සඳහන් කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය සහ බොරැල්ල පොලිසියේ ඒකාබද්ධව පරීක්ෂණ සිදු කරනවා.

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය: බ්‍රයන් තෝමස්ට කෙටි පණිවිඩය එව්වේ දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතකයාද?

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනයේ සුලමුල එළියට – ඝාතනයට මොහොතකට පෙර ආ SMS පණිවිඩය මෙන්න

කෝටි ගාණක් දෙන්න මඟට එන්න කියලා ජනශක්ති සභාපති කනත්තෙදී මැරුවේ කවුද?

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය: CCTV දර්ශන එළියට

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය: හෝඩුවාවන් කිහිපයක් එළියට  

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය: ඝාතනයට හේතුව එක්ක තවත් කරුණු රැසක් එළියට

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය: සහෝදරයෙකුගෙන් ට්විටර් පණිවිඩයක්

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය පිටුපස ක්‍රිකට් වලට සම්බන්ධ අයෙකුත්

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය : සැමියා ගැන පළමු හෝඩුවාව බිරිඳගෙන්

ජනශක්ති සභාපති ඝාතනය : බොරැල්ල කනත්තේ කම්කරුවෙකු සියසින් දුටු දේ පාපොච්චාරණය කරයි