hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 10:20



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපානයේ විදේශ අමාත්‍ය Yoshimasa Hayashi මහතා අතර අද (27) ටෝකියෝ නුවරදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

මෙහිදී මීට පෙර පැවති රජය විසින් ආයෝජන ව්‍යාපෘති කිහිපයක් අවලංගු කිරීමත් සමඟ ජපානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා බිඳ වැටීම පිළිබඳව ජනාධිපති වික්‍රමසිංහ මහතා කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් එම ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට තමන් උනන්දු වන බවද ජනාධිපතිවරයා අවධාරණය කළ බවයි වාර්තාවන්නේ.

තවද ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ආයෝජනය කරන ලෙසද ජනාධිපතිවරයා විදේශ අමාත්‍යවරයාගෙන්ව ඉල්ලීමක් කර තිබෙනවා.

එහිදී පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් ජපානය වැඩි අවධානයකින් වැඩකටයුතු කරන බවත් ශ්‍රී ලංකාවේ අනාගත ආයෝජන අවස්ථා ගවේෂණය කිරීමට කැමැත්තෙන් සිටින බවත් ජපාන විදේශ අමාත්‍ය හයාෂි මහතා ජනපතිවරයාට දන්වා තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: