hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 16, ප.ව. 1:37



පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට දරුවන් සූදානම් කිරීමේ දී ප්‍රධාන විෂය ක්ෂේත්‍ර තුනක නිපුණතා වර්ධනයට පමණක් අවධානය යොමු කිරීම හේතුවෙන් සමබර කුසලතා ඉහළ නැංවීමට අත්‍යවශ්‍ය නිපුණතා දරුවන්ට මඟහැරී ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසයි.

මේ හේතුවෙන් සමබර කුසලතා ඉහළ නැංවීමට අත්‍යවශ්‍ය නිපුණතා හතක් පමණ දරුවන්ට මඟහැරෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙම තත්ත්වයෙන් මිදීම සඳහා පාසල් විෂය මාලාවට කොටු නොවී ඉන් බැහැරට ගමන් කරන අධ්‍යාපන පරිවර්තනීය වෙනසක් කරා වහා ගමන් කළ යුතු බව කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවා.

ඉදිරියේ දී කෘත්‍රීම බුද්ධි විෂය ව්‍යාප්තියත් සමග ලෝකය පුරා දැනට පවතින බොහෝ රැකියාවන් මුළුමනින් ම ඉවත් වන බවත් වෛද්‍යවරුන්, නීතිඥයන් වැනි වෘත්තිකයන්ගේ පවා රැකියා ඉහළ අභියෝගයකට ලක් විය හැකි බවද එහිදි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: