hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 28, ප.ව. 2:44



නියුක්තිකයකුට අතිකාල දීමනාවලින් තොරව ආහාර විවේකය ඇතුළුව දිනකට පැය 12ක් සේවය කළ යුතු බවට නව සේවා නියුක්ති පනත මගින් යෝජනා කර තිබෙනවා.

වර්තමානයට ගැළපෙන ප්‍රතිපාදන සහිතව නව සේවා නියුක්ති පනතක් සකස් කිරීම පිළිබඳව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මහතා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබුණි.

එම පනත සකස් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විෂය භාර ඇමැති මනුෂ නානායක්කාර මහතාගේ සහභාගිත්වයෙන් ඉකුත් දා පැවැති අතර ඒ සඳහා දිවයිනේ ප්‍රධානතම වෘත්තිය සමිතිවල ප්‍රධානීන් මෙන්ම හාම් පුතුන්ගේ සම්මේලනයේ නියෝජිතයන්ද සහභාගි වී සිටියා.

මෙමගින් පැය අටක වැඩ දිනය අහෝසි වන අතර පැය අටක සේවා කාලයෙන් පසුව සේවයේ යොදවා ගන්නා සේවා නියුක්තිකයාට හිමි අතිකාල දීමනාවන්ද අහිමි කිරීමට යෝජනා කර තිබෙනවා.

එම තත්ත්වය ලෝක කම්කරු නීතිවලට පටහැනි බවට නිරීක්ෂණය වීම නිසා නව සේවා නියුක්ති පනතක් සකස් කිරීම සඳහා වන කමිටුව මගින් සේවා අවශ්‍යතාව මත දිනකට පැය 08කට වඩා සේවයේ යොදවන සේවා නියුක්තිකයෙකු හට නියමිත පැය 8ක ​කාලයෙන් පසු වැඩ කරන සෑම පැයක් සඳහාම නියමිත පරිදි අතිකාල ගෙවීම අනිවාර්ය කළ යුතු බවට නිර්දේශ කර ඇත.

සතියකට පැය 45ක් වැඩ කරන සේවකයකුට දින 1 1/2ක වැටුප් සහිත නිවාඩුව ලබාදීමට අදාළ ප්‍රතිපාදන ද ලබා දිය යුතු බවට නව පනත මගින් නිර්දේශ කර තිබෙන අතර සේවකයාට ලබා දී ඇති අසනීප නිවාඩු තවදුරටත් එලෙසම ලබා දිය යුතු බවටද පනත මගින් නිර්දේශ කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: