hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2024 ඔක්‍තෝබර් 12, පෙ.ව. 12:06



ජනපතිවරණ ජයග්‍රහණයෙන් පසුව රටේ සිදුව තිබෙන සාධනීය වෙනස්කම් පදනම් කරගනිමින් පසුගිය අවස්ථාවේ ඡන්දය නොදුන් විශාල පිරිසක් මහමැතිවරණයේ දී ජාතික ජනබලවේගයට ඡන්දය ලබා දෙන්නේ යැයි ජාතික ජනබලවේගයේ විධායක සභික, මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක කේ. ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.

ජාතික ජනබලවේගය රාජ්‍ය දේපළ කිසිදු ආකාරයකින් භාවිත නොකර මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවමින් මෙවර නව ආදර්ශයක් රටට ලබා දෙන්නේ යැයි ද ඒ මහතා කීය.

මහනුවර දිස්ත්‍රික්කය වෙනුවෙන් නාම යෝජනා ලබාදීමෙන් පසු මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ලාල්කාන්ත මහතා මෙසේද පැවසුවේය.

මහනුවර දිස්ත්‍රික්කය සඳහා ශක්තිමත් හා විචිත්‍රවත් කණ්ඩායමක් අපි මාලිමාවෙන් ඉදිරිපත් කළා. කාන්තා නියෝජිතයින් දෙදෙනෙක්, මුස්ලිම් නියෝජිතයින් දෙදෙනෙක්, දෙමළ නියෝජිතයින් දෙදෙනෙක් කණ්ඩායම නියෝජනය කරනවා. වෘත්තිමය වශයෙන් ගත්තොත් වෛද්‍යවරු දෙදෙනෙක් හා නීතීඥවරයෙක් ද කණ්ඩායමේ සිටිනවා

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: