hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2023 නොවැම්‍බර් 13, ප.ව. 6:37



සුරාබදු දෙපාර්තමේන්තුව සම්බන්ධ යෝජනා කිහිපයක් 2024 අයවැය යෝජනා හරහා ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, බදු පරිපාලනය වැඩිදියුණු කිරීමට අදාළවයි.

මේ අනුව මත්පැන් කර්මාන්තයේ විනයානුකූලභාවය පවත්වාගෙන යාම සඳහා නම්‍යශීලී විවෘත කිරීමේ වේලාවන් හඳුන්වාදීමට යෝජනා වී ඇත.

එමෙන්ම සුරාසැල් නොමැති ප්‍රදේශ ඇති කරමින් සුරාසැල් අතාර්කික ලෙස පැතිර පැවතීමේ ගැටලුවට පිළියම් යෙදීමේ අරමුණ ඇතිව ඇතැම් බලපත්‍ර සඳහා වන උපරිම සීමාවන් සංශෝධනය කරන බව සඳහන්.

මීට අමතරව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්තිමය යෝජනා අතර තෝරාගත් දේශීයව නිෂ්පාදිත මත්පැන් බදු නිදහස් සාප්පුවල අලෙවි කිරීමට ඉඩ සැලසීම ද විශේෂත්වයකි.

එමෙන්ම බලපත්‍ර සඳහා වර්තමානයේ පවතින ඉල්ලුමට අනුරූපීව යන පදනම මත සුරාබදු බලපත්‍ර ගාස්තු ඉහළ නැංවීමද එම යෝජනාවලට ඇතුළත් වේ.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ එම බදු පරිපාලන ක්‍රමවේද සහ ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්තිමය යෝජනා පහතින්, 

Gallery
Gallery




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: