hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 2:04



සේවක අර්ථ සාධක අරමුදලට අදාලව දැනට ලැබෙන 9%ක ප්‍රතිලාභය එහි සාමාජිකයන් සඳහා ඉදිරියටත් ලබා දෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසුවා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

බදු පැනවීමක් සිදුවන්නේ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් සතු මුදල් සඳහා නොවන අතර අරමුදල සතු මුදල් ආයෝජන කිරීමෙන් පසුව ලබන ලාභයට සියයට 14ක ප්‍රතිශතයක් ලෙස පමණක් බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

මිලියන 2.4ක් වන ශ්‍රමිකයිකයින්ගෙන් එක් අයෙකු සතුව අද වන විට බැංකුවේ ලක්ෂ 10ක් ඇත්නම් එම මුදලට කිසිදු හානියක් සිදු වන්නේ නැතැයි කී අමාත්‍යවරයා  ඒ අනුව ඔහු විසින් එම මුදල ලබා ගැනීමට සූදානම් වන අවස්ථාවේ ඔහුට ඒ සදහා වාර්ෂිකව සියයට නවයබැගින් එකතු වූ ප්‍රතිලාභය ලබා දීමට  සුදානම් බව සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: