hit counter

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා

2024 ජූලි 02, පෙ.ව. 11:13



ඖෂධවලට උපරිම සිල්ලර මිලක් තීරණය කිරීම සඳහා මිල යාන්ත්‍රණයක් සකස් කිරීමට අදාළව ජාතික ඖෂධ නියාම අධිකාරී පනත සංශෝධනය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් ඊට අදාළ නියෝග නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව යම් නිශ්චිත ඖෂධයක, ඖෂධ මාත්‍රා ආකාරයට සහ ප්‍රබලතාවයට අදාළව උපරිම සිල්ලර මිලක් නිශ්චය කිරීම සඳහා වූ ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා.

විනිවිදභාවය සහ සාධාරණත්වය සහතික කිරීමේ අරමුණින් එම නියෝග නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව වෙළෙඳපොළ තුළ අලෙවි කරනු ලබන ඖෂධවල උපරිම සිල්ලර මිල ගණන් නිර්ණය කිරීමට නියමිත අතර ඊට අදාළ ගැසට් නිවේදනය ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: