hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 ජනවාරි 19, පෙ.ව. 10:26



‘අස්වැසුම’ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ විරෝධතා සහ අභියාචනා 640,000ක් සලකා බැලීමෙන් අනතුරුව පවුල් ලක්ෂ තුනක් අලුතෙන් එම වැඩසටහනට ඇතුළත් කරගෙන ඇතැයි වැඩබලන මුදල් ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව අලුතෙන් තේරී පත්වූ පවුල් වලට ජූලි(07) මස සිට දෙසැම්බර් මාසය දක්වා වූ වාරික හැකි ඉක්මණින් බැංකු වෙත මුදා හරින බවද වැඩ බලන මුදල් ඇමැතිවරයා කියා සිටියා.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සමග මුදල් අමාත්‍යාංශයේ දී ඊයේ (18) පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,

‘‘අභියාචනා සහ විරෝධතා හේතුවෙන් මෙතෙක් ‘අස්වැසුම’ ලබමින් සිටි පවුල් 5,209ක් නුසුදුස්සන් බවට පත්ව තිබෙනවා.තවත් පවුල් 2,567ක් තමන් ප්‍රතිලාභ ලබමින් සිටි මට්ටමෙන් පහළට ගමන් කරලා තියෙද්දී තවත් 50,882ක පිරිසක් සිය ප්‍රතිලාභ මට්ටමේ ඉහළට ගමන් කරලා තියෙනවා. ඒ අනුව ‘අස්වැසුම’ ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවා තිබෙනවා.‘අස්වැසුම’ට අදාළව ලක්ෂ 11කට ආසන්න අභියාචනා සහ විරෝධතා ප්‍රමාණයක් ලැබී තිබුණා. හැකි ඉක්මණින් ඒවා සලකා බැලීම අවසන් කරනවා’’ යැයි ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: